ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයින් ජාතිකවාදී බලවේග. විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරම්භයේ මහජනයාගේ අනුමැතියක් හා ප්‍රසාදයක් තිබුණත් මේ වන විට එය පක්ෂවල අතකොලු බවට පත්ව ඇති පිරිස් නිසා නැති වී ගිහින්.
ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය වාමාංශික පක්ෂ අත්පත් කරගැනීමත් පක්ෂවල අරමුණු වෙනුවෙන් පිරිසක් සොයා ගැනීම උදෙසා සිසුන් භාවිත කරගැනීමට උත්සාහ කිරීමත් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයේ සැබෑ සටන් සඳහාවත් මහජන සහය ලබා ගැනීම දුෂ්කර වී හමාරයි.
ශිෂ්‍ය ව්‍යාපාර, අරගල කියන්නේ බලය ඇල්ලීමේ හා බලය තහවුරු කර ගැනීමේ උපක්‍රම බවට පත් වීමත් එක්ක ශිෂ්‍ය අරගලවල මුහුණත ශිෂ්‍යයින්ට ඇඟට දැනෙන විරෝධතා අත්දැකීමක් ලබා දෙන තැනට ලඝු වෙලා ගිහින්.
අවුවේ ඇවිද්දොත් කෑ ගැහුවොත් වැඩක් කළා සේ දැනෙන මට්ටමට සිසුන් බොළඳ බවට පත් කර තිබේ. මේවා අනවශ්‍ය බව අපි නො කියමු. එහෙත් ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි පියවරවලට අත නොතබා බහුතර සිසුන්ට වැඩක් කරන බව පෙන්වීම මුල් තැන තබා ක්‍රියාකිරීම ගැන අප පසු විපරම් කළ යුතු ය.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ගිලිහී ගිය පරිණතභාවය හා සෛද්ධාන්තිකත්වය නැවත ඊට අත්කර දීමේ අරමුණෙන් ජාතිකවාදීන් වන අපි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ශිෂ්‍යයින්ගේ සංගමය වශයෙන් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි කොටුව දුම්රිය ස්ථාන විරෝධතාවට විසි වසරක් සපිරෙන අද දින සිට ඇප කැප වෙමු.
No comments:
Post a Comment