1987 ජූලි 28 වන දින මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කරනු ලැබූ, ජූලි 30 වන දින ජේ.ආර්. ජයවර්ධන පාලනය අත්සන් කිරීමට නියමිතව තිබූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවැත්වූ මහා උද්ඝෝෂණයට ඊයේට වසර 32ක් සපිරෙයි.
උද්ඝෝෂණයට පොලිස් වෙඩි ප්‍රහාර එල්ල වූ අතර එහි දී ඡායාරූපයේ දැක්වෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරේරා පළමුව ඝාතනය වූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ නිමල් ලියනගේ ඇතුළු තව 20 දෙනකු එම වෙඩි ප්‍රහාරවලින් ඝාතනය විය.
![]() |
| ඡායාරූපය: ලංකාදීප |
අනතුරුව රජය ගිවිසුම අත්සන් කළේ ඇඳිරි නීතිය පනවා සිසුවියක් හා සිසු හිමිවරුන් දහයක් ඇතුළු සරසවි සිසු නායකයින් 88ක් සිරගත කරමිනි.
කොළඹ සරසවියේ ගෙවිදු කුමාරතුංග, පුෂ්ප විතානගේ, හේමන්ත චන්ද්‍රසිරි, අනූප පැස්කුවල්, රොෂාන් ගුණවර්ධන, එම්.ඩී.එච්.එම්. විමලසූරිය, විරාජ් පීරිස්, මංගල හිමි, ආනන්ද හිමි, උපනන්ද හිමි, ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිද පේරාදෙණි සරසවියේ රංජිතම් ගුණරත්නම්, අයි. බාලසූරිය, ජූඩ් පරාක්‍රම, ධර්මප්‍රිය ජයනන්ද, සුසන්ත සපුතත්ත්‍රී, මහේෂ් පෙරේරා, මොහොමඩි ඉක්බාල්, වී. අරුන්දවරාජා, එන්. සිවනේස්වරන්, නයනා ප්‍රේමසිරි, එම්. එස්. ආර්. කුරේ, කීර්ති කුමාර මද්දුමපටබැදිගේ, එල්. අබේරත්න, එස්.ඊ. මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ජේපී. ප්‍රනාන්දු, අතුරලියේ රතන හිමි, පොද්දල්ගොඩ ඛේමානන්ද හිමි, මැදගම පඤ්ඤසාර හිමි, නන්දසිරි බලන්ගොඩ, සාලිය යාලපොල, එස්.ඒ.ජේ.කේ. ගුණතිලක, සුමනරත්න ජයසිංහ, මහේෂ් ද සිල්වා, විරෝෂන් ගුණසේකර, දුම්බර මණ්ඩපයේ පානදුර ආනන්ද හිමි, මොරටු සරසවි සිසුන් වූ සුනිල් ශාන්ත, ඩී.එන්.ද. සිල්වා, සුමිත් ද අල්විස්, අශෝක අභයගුණවර්ධනද රුහුණු සරසවියේ ඊ.ඒ. එදිරිසිංහ, පී.එස්.කේ. ආරියරත්න, විස්මන් පෙරේරා, විමලසිරි, ප්‍රේමතිලක, ඩී.ආර්. නිශ්ශංක, ඩේමියන් වීරක්කොඩි, ප්‍රසන්න හිරිමුතුගොඩ, තිලක් ගුණවර්ධන, බී.ඒ. විජේසිරි, හරිස්චන්ද්‍ර, නිමල් ඩී. රුවන්පතිරණ, ආර්. සමරසිංහ, දේව මයිකල් පෙරේරා, ජනිදාස, තිලක් තීරවැල්ල, සරත් පීරිස්, එම්. ධර්මතිලක, සිරිමාන්න, එම්. බී. ජයසිරි, බී.එල්.කේ. නන්දසේනද ජයවර්ධනපුර සරසවි සිසුන් වු හේමන්ත අබේසූරිය, නන්දසිරි, සමරතුංග, කමල් ප්‍රනාන්දු, ප්‍රීතිමාල්, ලලිත්, පාලිතද. කැළණිය සරසවියෙන් මොහාන්ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝම හිමි, සේනාධීර, මාදම්පේ නන්දාරාම හිමි, දුනකවත්තේ ගුණරත්න හිමි, ගම්මාදගම ගුණසිරි හිමි
ඇතුළු පිරිසක් එසේ සිරගත කරන ලදී.
ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව ජාතිකත්වය මත පදනම්ව සටනකට උර දුන් මියගිය සිරගත වූ සැමට අපගේ උපහාරය පළකරන මේ මොහොතේ දී අප මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරේරා හා නිමල් ලියනගේ සහෝදරයන් ද විශේෂයෙන් සිහිපත් කරමු.
මේ වන විට ජාතිකත්වයෙන් පීළි පැන ඇති වාමාංශික පක්ෂ ජාතිකත්වය වෙනුවෙන් කෙරුණු සටන් හා ඒවාට උර දුන් වීරයින් සංකේත බවට පත්කොට අත්පත් කර ගැනීමේ උත්සාහයන් හෙළා දකිමින් ම 1987 කොටුවේ අරගලය ස්මරණය කරමින් මියගිය සැමට පින් අනුමෝදන් කරමු.
-

No comments:
Post a Comment